1 Chronicles 11:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මේ දේ කිරීමෙන් මාගේ දෙවියන් වහන්සේ මා වළක්වන සේක් වා! තමන්ගේ ජීවිතයට විය හැකි අන්තරාය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ ලේ මා බොන්න ද? මන්ද, ඔව්හු තමන්ගේ ජීවිත ගැන නොතකා මේවා ගෙනා හ”යි කී ය. එහෙයින් ඔහු ඒ වතුර බොන්න අකමැති විය. බලවන්තයෝ තුන්දෙනා මේ දේ කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ දේ කිරීමෙන් මාගේ දෙවියන්වහන්සේ මා වලක්වනසේක්වා. තමුන්ගේ ජීවිතයට වියහැකි අන්තරාය නොසලකා ගියාවූ මේ මනුෂ්‍යයන්ගේ ලේ මා විසින් බොන්ටද? මක්නිසාද ඔව්හු තමුන්ගේ ජීවිත අන්තරායෙහි තබා මේවා ගෙනාවෝයයි කීය. එහෙයින් ඔහු ඒවා බොන්ට නොකැමැතිවිය. ඒ බලවන්තයන් තුන්දෙනා මේ දේ කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)