1 Corinthians 1:17 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
බව්තීස්ම කිරීමේ කාරියට ක්‍රිස්තුස්වහන්සේ මා යැව්වේ නැත. යැව්වේ ශුභාරංචිය දේශනා කරන්නට ය. ඒ ද ප්‍රඥාවේ චතුර වචනවලින් නො වේ. ඒ, ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ බලය ශූන්‍ය නො වන පිණිස ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ක්‍රිස්තුන් වහන්සේ මා යැව්වේ බව්තීස්ම-ස්නාපනය කිරීමට නොව, සුබ අස්න දේශනා කිරීමට ය. එහෙත් මා එය කළ යුත්තේ මාගේ වියත් කථික බලයෙන් නොවේ. කුමක් හෙයින් ද, මා එසේ කළහොත් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ බලය නිෂ්ප්‍රභ වන බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා යැවුවේ බව්තීස්මකරන්ට නොව ශුභාරංචිය දේශනාකරන්ටය. නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය නිෂ්ඵල නොවන පිණිස, වචනවල ඥානවන්තකමින් (දේශනාකරන්ට) නොවේය.
Sinhala SNRV (New Revised Version 2018)