1 Corinthians 1:2 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පවිත්‍ර කරන ලදුව, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලද්දවුන් වූ ඔවුන් හා අප දෙගොල්ලන්ගේ ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන, සියලු තැන්හි වෙසෙන සියල්ලන් වෙතයි.
Sinhala Bile - New Revised Version (NRSV)
කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතට ය. එනම්, ඒ සභාවේ ක්‍රිස්තුන් වහන්සේට කැප වූ දෙවියන් වහන්සේගේ සෙනඟ වීමට කැඳවීම ලත් අය ද ඔවුන්ගේත් අපගේත් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් සෑම තැන්හි අයැදුම් කරන සියල්ලන් ද වෙතට ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි පිරිසිදුකරනලද්දාවූ, ශුද්ධවන්තව සිටීමට කැඳවනලද්දාවූ කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටද ඔවුන්ගෙත් අපගෙත් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු තැන්වල යාච්ඤාකරන්නාවූ සියල්ලන්ටද ලියා එවන වගනම්:
Sinhala SNRV (New Revised Version 2018)