1 Corinthians 11:27 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් නුසුදුසු ලෙස ස්වාමින්වහන්සේගේ රොටි අනුභව කරන්නාවූත්, ඒ කුසලානෙන් පානය කරන්නාවූත් කවරකු වුව ද, ස්වාමින්වහන්සේගේ ශරීරයත්, උන්වහන්සේගේ රුධිරයත් කෙලෙසීමේ වරදකරුවෙක් වෙයි.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙයින් නුසුදුසු ලෙස සමිඳාණන් වහන්සේගේ මේ රොටි වළඳන, මේ කුසලානෙන් පානය කරන කවරෙක් වුව ද, එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් සමිඳාණන් වහන්සේගේ ශරීරයට හා රුධිරයට විරුද්ධ ව පව් කිරීමේ වරදකරුවෙක් වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙයින් නුසුදුසුලෙස මේ රොටි කන්නාවූ නොහොත් ස්වාමීන්වහන්සේගේ කුසලානෙන් බොන්නාවූ කවරෙකු නුමුත්, ස්වාමීන්වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙයින් නුසුදුසු ලෙස සමිඳාණන් වහන්සේගේ මේ පූප වළඳන, මේ කුසලානෙන් පානය කරන කවරෙක් වුව ද, එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් සමිඳාණන් වහන්සේගේ ශරීරයට හා රුධිරයට විරුද්ධ ව පව් කිරීමේ වරදකරුවෙක් වන්නේ ය.