1 Corinthians 3:18 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
කිසිවෙක් තමාම රවටා නො ගනීවා. ඔබ අතරේ යමෙක්, තමා මේ යුගයේ ප්‍රඥාවතෙකැයි සිතයි නම්, ප්‍රඥාවත් වන පිණිස, ඔහු අඥානයකු බවට පත් වෙත්වා.
Sinhala Bile - New Revised Version (NRSV)
කිසිවෙක් තමා ම රවටා නොගනිත් වා. ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයෙක් යයි සිතන්නේ නම්, ඔහු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස, ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙක් වේ වා.
Sinhala Bile - Revised Old Version (SROV)
කිසිවෙක් තමාම රවටා නොගනීවා. ඔබ සැම අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.
Sinhala SNRV (New Revised Version 2018)
කිසිවෙක් තමා ම රවටා නොගනිත් වා. ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයෙක් යයි සිතන්නේ නම්, ඔහු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස, ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙක් වේ වා.