1 Corinthians 7:25 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දැන්, කන්‍යාවන් පිළිබඳව: මේ සම්බන්ධ අණක් ස්වාමින්වහන්සේගෙන් මට ලැබී නැත. එහෙත්, ස්වාමින්වහන්සේගේ දයාව හේතු කොට විශ්වාසය දිනූ කෙනකු වශයෙන් මම මගේ තීරණය දන්වමි.
Sinhala Bile - New Revised Version (NRSV)
අවිවාහකයන් ගැන මට සමිඳාණන් වහන්සේගෙන් ආඥාවක් ලැබී නැත. එහෙත්, සමිඳාණන් වහන්සේගේ කරුණාවෙන් විශ්වාස කටයුතු තැනැත්තෙකු වන මම, මගේ අදහස කියනු කැමැත්තෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
කන්‍යාවන් ගැන ස්වාමීන්වහන්සේගෙන් ආඥාවක් මට නැත. නුමුත් විශ්වාසව සිටින්ට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලද්දෙකු මෙන් මාගේ කල්පනාව කියමි.
Sinhala SNRV (New Revised Version 2018)
අවිවාහකයන් ගැන මට සමිඳාණන් වහන්සේගෙන් ආඥාවක් ලැබී නැත. එහෙත්, සමිඳාණන් වහන්සේගේ කරුණාවෙන් විශ්වාස කටයුතු තැනැත්තෙකු වන මම, මගේ අදහස කියනු කැමැත්තෙමි.