1 Corinthians 7:39 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
භාර්යාවක් ඇගේ ස්වාමි පුරුෂයා ජීවත්ව සිටින තාක් කල් ඔහුට බැඳී සිටින්නී ය. එහෙත් ඇගේ ස්වාමි පුරුෂයා මළොත්, තමන් කැමති කෙනකු හා යළි විවාහ වීමට ඇයට නිදහස ඇත. එහෙත් ස්වාමින්වහන්සේ තුළ පමණි.
Sinhala Bile - New Revised Version (NRSV)
භාර්යාවක් සිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු ඔහුට බැඳී සිටින්නී ය. ස්වාමි පුරුෂයා මළොත් ඈ කැමැති කෙනෙකු සමඟ විවාහ වීමට ඈට නිදහස ඇත. එහෙත් එය ක්‍රිස්තියානි විවාහයක් විය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
භාර්යාවක් තමාගේ පුරුෂයා ජීවත්ව සිටින තුරු බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මළොත්, ඈ කැමති කෙනෙකු සමඟ විවාහවන්ට නිදහස්ව සිටින්නීය; නුමුත් ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
භාර්යාවක් සිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු ඔහුට බැඳී සිටින්නී ය. ස්වාමි පුරුෂයා මළොත් ඈ කැමැති කෙනෙකු සමඟ විවාහ වීමට ඈට නිදහස ඇත. එහෙත් එය ක්‍රිස්තියානි විවාහයක් විය යුතු ය.