1 Corinthians 9:20 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යුදෙව්වන් දිනා ගන්නා පිණිස, යුදෙව්වන් අතර මම යුදෙව්වකු මෙන් වීමි. මා දහම් නීතිය යටතේ සිටින්නකු නො වූව ද, දහම් නීතිය යටතේ සිටින්නන් දිනා ගන්නා පිණිස, දහම් නීතිය යටතේ සිටින්නන් අතර මම දහම් නීතිය යටතේ සිටින කෙනකු මෙන් වීමි.
Sinhala Bile - New Revised Version (NRSV)
ජුදෙව්වරුන් දිනාගන්නා පිණිස මම ජුදෙව්වරුන්ට ජුදෙව්වෙක් වීමි. ව්‍යවස්ථාව යටතේ සිටින ඔවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාවට යටත් නොවූ මම, ව්‍යවස්ථාවට යටත් වූ කෙනෙක් වීමි.
Sinhala Bile - Revised Old Version (SROV)
යුදෙව්වරුන් දිනාගන්නා පිණිස යුදෙව්වරුන් අතරෙහි යුදෙව්වෙකු මෙන්ද ව්‍යවස්ථාව යටතේ නොසිටින මම ව්‍යවස්ථාවට යටත්වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ව්‍යවස්ථාව යටතේ සිටින කෙනෙකු මෙන්ද වුණෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ජුදෙව්වරුන් දිනාගන්නා පිණිස මම ජුදෙව්වරුන්ට ජුදෙව්වෙක් වීමි. ව්‍යවස්ථාව යටතේ සිටින ඔවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාවට යටත් නොවූ මම, ව්‍යවස්ථාවට යටත් වූ කෙනෙක් වීමි.