1 Corinthians 9:21 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දහම් නීතිය යටතේ නො වන අන්‍ය-ජාතිකයින් දිනා ගන්නා පිණිස, ඔවුන් අතර මම දහම් නීතිය යටතේ නො සිටින කෙනකු සේ හැසිරුණෙමි. සැබවින් ම මම දෙවියන්වහන්සේගේ දහම් නීතියෙන් නො මිදුණ කෙනකු වුවත්, ක්‍රිස්තුස්වහන්සේගේ නීතියට බැඳුණ කෙනෙක්මි.
Sinhala Bile - New Revised Version (NRSV)
ව්‍යවස්ථාවෙන් බැහැර වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාවෙන් බැහැර වූවන්ට, මම ව්‍යවස්ථාවෙන් බැහැර වූ කෙනෙක් වීමි. මා එසේ කෙළේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙන් බැහැර නොවූවත්, ක්‍රිස්තුන් වහන්සේගේ ව්‍යවස්ථාවට ඇතුළත් වී සිටින කෙනෙකු වශයෙනි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ව්‍යවස්ථාව නැත්තවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව නැත්තන්ට ව්‍යවස්ථාව නැතිකෙනෙකු මෙන් වුණෙමි. එහෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවක් නැතුව නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව සිටිමි.
Sinhala SNRV (New Revised Version 2018)