1 John 2:13 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා ඔබට ලියන්නේ පියවරුනි, ඔබ, මුල පටන් සිටින තැනැන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ තරුණයිනි, ඔබ, නපුරා පරදා, ජය ගෙන ඇති බැවිනි.
Sinhala Bile - New Revised Version (NRSV)
පියවරුනි, මා ඔබට ලියන්නේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයිනි, මා ඔබට ලියන්නේ, ඔබ නපුරා දමනය කර ඇති බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
පියවරුනි, මා ඔබ සැමට ලියා එවන්නේ, ඔබ සැම පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, ඔබ සැමට ලියා එවන්නේ, ඔබ සැම නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවෙනි, ඔබ සැමට ලියා එවුවේ, ඔබ සැම පියාණන්වහන්සේ අඳුනන බැවින්ය.
Sinhala SNRV (New Revised Version 2018)
පියවරුනි, මා ඔබට ලියන්නේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයිනි, මා ඔබට ලියන්නේ, ඔබ නපුරා දමනය කර ඇති බැවිනි.