1 Kings 7:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු දේව මාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුණු පිහිටුවා දකුණු කුළුණට ජාකීන් යන නම ද වම් කුළුණට බෝවස් යන නම ද තැබුවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු දේවමාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුනු පිහිටෙව්වේය. දකුණු කුළුන පිහිටුවා ඊට යාකීන් යන නමද වම් කුළුන පිහිටුවා ඊට බෝවස් යන නමද තැබුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු දේව මාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුලුණු පිහිටුවා දකුණු කුලුණට ජාකීන් යන නම ද වම් කුලුණට බෝවස් යන නම ද තැබුවේ ය.