1 Kings 9:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසුවෙමි. නුඹ ගොඩනැඟුවාවූ මේ මාලිගාවෙහි මාගේ නාමය සදහට ම පවතින පිණිස එය විශුද්ධ කෙළෙමි. මාගේ නෙත ද සිත ද නිරන්තරයෙන් මෙයට යොමු වී තිබෙන්‍නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ කථාකොට: ඔබ මා ඉදිරියෙහි ඔප්පුකළ ඔබේ යාච්ඤාවත් කන්නලව්වත් ඇසුවෙමි. ඔබ ගොඩනැගූ මේ ගෘහයෙහි මාගේ නාමය සදාකාලේටම තබන පිණිස ඒක විශුද්ධකෙළෙමි; මාගේ ඇස්ද මාගේ සිතද නිරන්තරයෙන් මෙහි වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසුවෙමි. නුඹ ගොඩනැඟුවාවූ මේ මාලිගාවෙහි මාගේ නාමය සදහට ම පවතින පිණිස එය විශුද්ධ කෙළෙමි. මාගේ නෙත ද සිත ද නිරන්තරයෙන් මෙයට යොමු වී තිබෙන්නේ ය.