1 Samuel 10:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ අද මා ළඟින් පිටත් ව යන විට, බෙන්ජමින්ගේ දේශ සීමාවේ ශෙල්ශාහි තිබෙන රාකෙල්ගේ සොහොන් පළ ළඟ දී මිනිසුන් දෙදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන් ඔබට කතා කොට, ඔබ සොයන්නට ගිය කොටළුවන් සම්බ වූ බවත්, ඔබේ පියා කොටළුවන් ගැන නොව ඔබ ගැන කරදර වන බවත්, ‘මාගේ පුත්‍රයා ගැන මම කුමක් කරම් දැ’යි කිය කියා සිටින බවත් ඔබට කියනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ අද මා ළඟින් පිටත්ව යන විට බෙන්යමින් සීමාවේ ශෙල්ශාහි තිබෙන රාඛෙල්ගේ සොහොන්පළ ළඟදී මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔබට සම්බවන්නෝය; ඔවුන් ඔබට කථාකොට-ඔබ සොයන්ට ගිය කොටළුවෝ සම්බවුණෝය. ඔබේ පියාණෝ කොටළුවන්ගේ කාරණය අත්හැර: මාගේ පුත්‍රයා ගැන මක්කරම්දැයි කියමින් ඔබ සැම ගැන ශෝකවන්නේයයි කියනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)