1 Samuel 14:41 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සාවුල් යාච්ඤා කරමින්, “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේගේ මෙහෙකරු වන මට අද ඔබ පිළිතුරු නුදුන්නේ මන් ද? ඉශ්රායෙල්හි දෙවි සමිඳුනි, වරද මා අත හෝ මාගේ පුත් ජොනතන් අත හෝ වේ නම්, උරීම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්න. වරද ඔබ වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ අතේ නම්, තුමිම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්නැ”යි සමිඳාණන් වහන්සේට කීවේ ය. දාදු දැමූ විට සාවුල් සහ ජොනතන් වරදකරුවන් බව පෙනිණි. සෙනඟ වරදින් නිදහස් වුණෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාවුල්ද: ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, හරි දේ පෙන්වාදුනමැනවයි ස්වාමීන්වහන්සේ ට කීවේය. පසඇට දැමූ විට සාවුල් සහ යොනාතාන් අසුවුණෝය, සෙනඟ ගැළවුණෝය.
Sinhala SNRV (New Revised Version 2018)