1 Samuel 22:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ කියා රජතුමා තමා ළඟ සිටි මුරකාරයන්ට කතා කොට, “ඔබ ළං වී සමිඳාණන් වහන්සේගේ පූජකයන් මරාදමන්න. මන්ද, ඔව්හු දාවිත් සමඟ එකතු ව සිටිති. ඔහු පලා යන බව දැනගෙනත් ඔවුන් මට එය එළිදරව් කෙළේ නැතැ”යි කීවේ ය. එහෙත්, රජුගේ සේවකයෝ සමිඳාණන් වහන්සේගේ පූජකයන්ට පහර දෙන්නට තමන්ගේ අත් ඔසවන්නට නොකැමති වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
රජතෙම තමා වෙත සිටි මුරකාරයන්ට කථාකොට: ඔබ සැම ළංවී ස්වාමීන්වහන්සේ ගේ පූජකයන් මරන්න; මක්නිසාද ඔව්හුද දාවිත්ට එකතුව සිටිති, ඔහු පලායන බව දැනගනත් ඔවුන් මට එය එළිදරව්කළේ නැතැයි කීවේය. එහෙත් රජුගේ සේවකයෝ ස්වාමීන්වහන්සේ ගේ පූජකයන්ට පහරදෙන්ට තමුන්ගේ අත් දිගුකරන්ට නොකැමැතිවූවෝය.
Sinhala SNRV (New Revised Version 2018)