1 Samuel 23:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් කතා කරමින්, “දෙවියන් වහන්සේ දාවිත් මා අතට පාවා දී ඇත. මන්ද, ඔහු වාසල් දොරවල් ද අගුල් ද ඇති නුවරකට ඇතුළු වීමෙන් අසු වී සිටී”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේය. සාවුල්ද: දෙවියන්වහන්සේ ඔහු මා අතට පාවාදුන්සේක; මක්නිසාද ඔහු වාසල් දොරවල්ද අගුල්ද ඇති නුවරකට ඇතුල්වීමෙන් අසුවුණේයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් කතා කරමින්, “දෙවියන් වහන්සේ දාවිත් මා අතට පාවා දී ඇත. මන්ද, ඔහු වාසල් දොරවල් ද අගුල් ද ඇති නුවරකට ඇතුළු වීමෙන් අසු වී සිටී”යි කීවේ ය.