1 Samuel 29:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ම, ඔබ අවංක ව ම හැසුරුණු බව මම දිවුරා කියමි. ඔබ මා සමඟ අවුත් මේ යුද්ධයේ දී සටන් කරන්නෙහි නම් මම කැමැත්තෙමි. ඔබ මා ළඟට ආ දා පටන් අද දක්වා ඔබ අත කිසි වරදක් මට දක්නට ලැබුණේ නැත; එසේ වුවත් අධිපතීන් ඔබට කැමැති නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔබ අවංකව හැසුරුණෙහිය, ඔබ සමුදාව අතරෙහි මා සමඟ ආගිය හැටි මට හොඳව පෙනුණේය. ඔබ මා ළඟට ආදා පටන් අද දක්වා ඔබ අත කිසි නපුරක් මට සම්බවුණේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)