1 Samuel 5:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්‍රොන් නගරයට යැව්වෝ ය. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්‍රොන් නගරයට පැමිණි කල එහි වැසියෝ, “අප ද අපේ සෙනඟ ද නසන්නට ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟට ගෙනවුත් ඇතැ”යි කියමින් මොරගැසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔව්හු දෙවියන්වහන්සේගේ පෙට්ටිය එක්‍රොන්ට හැරියෝය. දෙවියන්වහන්සේගේ පෙට්ටිය එක්‍රොන්ට පැමිණි කල එක්‍රොන්වරු මොරගසමින්: අපද අපේ සෙනඟද නසන්ට ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප ළඟට ගෙනාවෝයයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)