1 Samuel 9:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ ය. ඔහු වූ කලී මහා ධනවතෙකි. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි.
Sinhala Bile - Revised Old Version (SROV)
බෙන්යමිය මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ, අපියාගේ පුත්‍රයා වන බෙඛෝරත්ගේ පුත්‍රවූ ශෙරොර්ගේ පුත්‍රයා වන අබියෙල්ගේ පුත්‍රවූ කීෂ් නම්වූ බෙන්යමිය මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු මහත් ධනවතෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
උපියාගේ පුත්‍රයා වන බෙකෝරත්ගේ පුත්‍ර වූ ශෙරොර්ගේ පුත්‍රයා වන අබියෙල්ගේ පුත්‍ර වූ බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් ධනවත් මිනිසෙක් සිටියේ ය. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි.