1 Samuel 9:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, “අනාවැකි කියන්නා මම ය; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
සාමුවෙල්ද සාවුල්ට උත්තර දෙමින්: දිවස් ඇත්තා මමය; මට පෙරටුව උස් තැනට යන්න, මක්නිසාද ඔබ සැම අද මා සමඟ කෑම කන්ට ඕනෑය. හෙට උදේ ඔබ යන්ට හරින්නෙමි, ඔබේ සිතේ තිබෙන සියල්ලද ඔබට දන්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, “දිවැස් ඇත්තා මම වෙමි; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි.