1 Thessalonians 3:6 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
කෙසේ වෙතත් ඔබගේ ඇදහිල්ලත්, ඔබගේ ප්‍රේමයත් ගැන සුපුවත් ගෙන තිමෝති දැන් අප වෙත අවුත් සිටී. ඔබ නිබඳව සතුටු සිතින් අප සිහි කරන බවත්, ඔබ දැකුමට අප මහත් ආශාවෙන් සිටින සේ ම, අප දැකුමට ඔබත් දැඩි ආශාවෙන් සිටින බවත්, ඔහු අපට පැවසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් දැන් තිමෝතියස් පෙරළා අප වෙත පැමිණ ඔබගේ ඇදහිල්ලත් ප්‍රේමයත් ගැන හොඳ ආරංචියක් අපට සැළ කෙළේ ය. ඇරත්, අප ඔබ දැකීමට ආශාවෙන් සිටින්නාක් මෙන් ම ඔබත් අප දැකීමට ආශාවෙන් සිටින බව ද, ඔබ නිතර ම අප ගැන කරුණාවෙන් සිහි කරන බව ද ඔහු අපට දැන්වී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් තිමෝතියස් ඔබ සැම වෙතින් අප ළඟට ඇවිත්, ඔබ සැමගේ ඇදහිල්ලත් ප්‍රේමයත් නිතරම ඔබ සැම අප හොඳාකාර සිහිපත්කරමින්, අප ඔබ සැම දකින්ට ආශාවෙන් සිටින්නාක්මෙන්ම අප දකින්ට ඔබ සැමත් ආශාවෙන් සිටින බවත් යන යහපත් ආරංචි අපට දැන්වූ කල,
Sinhala SNRV (New Revised Version 2018)