1 Timothy 1:16 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා දයාව ලද්දේ මේ හේතුවෙනි; සදාතන ජීවනය සඳහා උන්වහන්සේ තුළ විශ්වාස කරන්නට සිටින්නවුනට ආදර්ශයක් වශයෙන්, ලොකුම පව්කරුවා වන මා තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සම්පූර්ණ ඉවසීම ප්‍රදර්ශනය කරන පිණිස ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වූ නමුත් මට දයාව ලැබුණේ මේ නිසා ම ය. එසේ කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ඉවසීම අසීමිත බව උන් වහන්සේ පැහැදිලි කළ සේක. සදාතන ජීවනය ලබාගැනීම පිණිස උන් වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට ම මා ආදර්ශයක් වෙන්නට උන් වහන්සේ සැලැස් වූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේවී නුමුත් මට කරුණාව ලැබුණේ මේ නිසාය. එනම්, සදාකාල ජීවනය ලැබීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට සිටින අයට ආදර්ශයක් කොට උන්වහන්සේ විසින් ප්‍රධාන පව්කාරයාවූ මා කෙරෙහි තමන්වහන්සේගේ මුළු ඉවසිලිවන්තකම දැක්වීම පිණිසය.
Sinhala SNRV (New Revised Version 2018)