1 Timothy 6:2 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඇදහිලිවත් හාම්පුතුන් ඇති අය, ඔවුන් සහෝදරයින් නිසා ඔවුන්ට දක්වන ගරුත්වය අඩු නො කළ යුතු ය. කළ යුත්තේ, තම සේවයෙන් සෙත සැලසෙන්නේ තමන්ගේම සහෝදරයින්ට හා ප්‍රේමණීයයනට බැවින් වඩා හොඳින් සේවය කිරීමයි. ඔබ ඉගැන්විය යුත්තේත්, අවධාරණ කළ යුත්තේත් මේවා ය.
Sinhala Bile - New Revised Version (NRSV)
කිතුනු ස්වාමිවරුන් ඇති දාසයෝ, ඔවුන් දෙගොල්ල ම සහෝදරයන් වන නිසා, තම ස්වාමිවරුන් සුළු කොට නොසැලකිය යුත්තෝ ය. එසේ නොකර, තමන්ගේ වැඩවලින් ප්‍රයෝජන ලබන ස්වාමිවරුන්ට ඔවුන් වඩාත් හොඳින් සේවය කළ යුතු ය. කවර හෙයින් ද? ඔවුන් ද තමන් ප්‍රේම කරන කිතුනුවන් වන බැවිනි. ඔබේ ඉගැන්වීම් වල දී මේ කාරණා තරයේ කියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇදහිලිවන්ත ස්වාමිවරුන් ඇත්තෝ වනාහි, ස්වාමිවරු සහෝදරයන් නිසා ඔවුන් සුළු නොකර, ප්‍රයෝජන ලබන්නෝ ඇදහිලිවන්තයන්ද ප්‍රේමවන්තයන්ද වන බැවින්, වඩා සතුටින් ඔවුන්ට වැඩකරත්වා. මේ කාරණා උගන්වා අවවාදකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)