2 Chronicles 14:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආසා තම දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “සමිඳුනි, බලසම්පන්න අයට විරුද්ධ ව බලහීන අයට පිහිට වන්න ඔබ හැර අන් කිසිවෙක් නැත්තේ ය. අපේ දෙවි සමිඳුනි, අපට පිහිට වුව මැනව. මන්ද, අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබේ නාමයෙන් මේ සමූහයට විරුද්ධ ව අවුත් සිටිමු. සමිඳුනි, ඔබ අපේ දෙවියන් වහන්සේ ය. ඔබට විරුද්ධ ව මනුෂ්‍යයා ජය නොගනීවා”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට යාච්ඤා කොට ස්වාමීන්වහන්ස, බලසම්පන්න අයත් බෙලහීන අයත් අතරේ පිහිට වෙන්ට ඔබ හැර කිසිවෙක් නැත්තේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපට පිහිටවුවමැනව; මක්නිසාද අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමුව. ස්වාමීන්වහන්ස, ඔබ අපේ දෙවියන්වහන්සේය; ඔබට විරුද්ධව මනුෂ්‍යයා ජය නොගනීවයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)