2 Corinthians 11:16 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා නැවතත් කියන්නේ, කිසිවකු මා අඥානයකු යයි නො සිතන ලෙසයි. එහෙත් ඔබ එලෙස සිතන්නේ නම්, මා මදක් පාරට්ටු කරගන්නා පිණිස, මා අඥානයකු ලෙස පිළිගන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
මම අඥානයෙක් ය කියා කිසිවෙක් නොසිතිය යුතු යයි මම නැවතත් කියමි. ඔබ එලෙස සිතන්නහු නම් මට මඳක් පාරට්ටු කරගැන්මට හැකි වන සේ, අඥානයෙකු ලෙස වුව ද මා පිළිගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මා අඥානයෙක්ය කියා කිසිවෙක් නොසිතාවයි මම නැවත කියමි; නුමුත් ඔබ සැම එසේ සිතුවත් මාත් මඳක් පාරට්ටුකරගන්න පිණිස අඥානයෙකු හැටියට මා පිළිගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මම අඥානයෙක් ය කියා කිසිවෙක් නොසිතිය යුතු යයි මම නැවතත් කියමි. ඔබ එලෙස සිතන්නහු නම් මට මඳක් පාරට්ටු කරගැන්මට හැකි වන සේ, අඥානයෙකු ලෙස වුව ද මා පිළිගන්න.