2 Corinthians 2:4 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද හදවතේ දැඩි පීඩනයකින් හා සන්තාපයෙන් ද නෙතේ පිරි කඳුළින් ද යුතුව මා ඔබට ලියුවේ, ඔබ වේදනාවට පත් කිරීමට නො ව, ඔබට ඇති මගේ ප්‍රේමය කොතරම් අධිකදැයි ඔබ දැනගන්නා පිණිස ය.
Sinhala Bile - New Revised Version (NRSV)
මහා දුකින් ද සිත් තැවුලින් ද කඳුළු සලමින් ද මා ඔබට ලිව්වේ, ඔබට සිත් වේදනා දීමට නොව ඔබට ඇති මාගේ ප්‍රේමය කෙතරම් අධික දැ යි ඔබ වටහාගන්නා පිණිස ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද බොහෝ දුක්වලින්ද හෘදය වේදනාවෙන්ද බොහෝ කඳුළෙන්ද යුක්තව ඔබ සැමට ලිවීමි. එසේ කළේ ඔබ සැම ශෝකයට පත්කරන්ට නොව ඔබ සැම කෙරෙහි ඇත්තාවූ මාගේ ඉතා මහත් ප්‍රේමය ඔබ සැම විසින් දැනගන්නා පිණිසය.
Sinhala SNRV (New Revised Version 2018)
මහා දුකින් ද සිත් තැවුලින් ද කඳුළු සලමින් ද මා ඔබට ලිව්වේ, ඔබට සිත් වේදනා දීමට නොව ඔබට ඇති මාගේ ප්‍රේමය කෙතරම් අධික දැ යි ඔබ වටහාගන්නා පිණිස ය.