2 Corinthians 8:19 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එපමණක් නො වේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසාත්, අපගේ උනන්දුව පෙන්නුම් කිරීමටත් අප විසින් මෙහෙය වන මෙම අනුග්‍රහයේ සහනාධාරය රැගෙන අප හා යෑමට සභා විසින් මොහු පත් කරනු ලැබ ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
එපමණක් නොව, සමිඳාණන් වහන්සේගේ මහිමය උදෙසා ද අපගේ උද්‍යෝගයේ සාක්ෂියක් වශයෙන් ද පුදන මේ දීමනාව අප සමඟ ගෙන යන පිණිස අපේ සහකාරයා වීමට සභාවන් මඟින් ඔහු පත් කර ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එපමණක් නොව අපේ සේවයෙන් ඉෂ්ටකරන්නාවූ මේ ප්‍රසාදය ගැන අප සමඟ ගමන්කිරීමට ස්වාමීන්වහන්සේගේ ගෞරවයද අපගේ මනාපවීමද සඳහා ඔහුත් සභාවන් විසින් නියමකරනලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
එපමණක් නොව, සමිඳාණන් වහන්සේගේ මහිමය උදෙසා ද අපගේ උද්‍යෝගයේ සාක්ෂියක් වශයෙන් ද පුදන මේ දීමනාව අප සමඟ ගෙන යන පිණිස අපේ සහකාරයා වීමට සභාවන් මඟින් ඔහු පත් කර ඇත.