2 Kings 18:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් අෂුර්හි රජ තර්තාන්ද රබ්-සාරිස්ද රබ්-ෂාකේද මහත් සේනාවක් සමඟ හෙසකියා රජු ළඟට ලාකීෂ්හි සිට යෙරුසලමට හැරියේය. ඔව්හු නැගී අවුත් යෙරුසලමට පැමිණියෝය. තවද ඔව්හු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජුට අඬගැස්සෙවුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)