2 Kings 18:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එකල හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “පවුර පිට සිටින සෙනඟට ඇසෙන්නට ජුදෙව් භාෂාවෙන් අපට කතා නොකොට, ඔබේ මෙහෙකරුවන් වන අපට සිරියන් භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කතා කළ මැනවැ”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේ කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙව් භාෂාවෙන් අපට කථානොකොට, ඔබේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කථාකළමැනවැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)