2 Kings 23:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ඔහු ජුදාහි නගරවලින් සියලු පූජකයන් කැඳවාගෙන, ගෙබා පටන් බෙයර්-ෂෙබා දක්වා පූජකයන් විසින් සුවඳ දුම් ඔප්පු කරන ලද කඳු මත පූජාස්ථාන දූෂ්‍ය කෙළේ ය. දොරටු ළඟ තිබූ කඳු මත පූජාස්ථාන ද නුවර අධිපතියා වූ ජෝෂුවාගේ දොරටුව වන නුවර දොරටුවට වම් පැත්තෙහි තිබුණ කඳු මත පූජාස්ථාන ද කඩා දැමී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔහු යුදාහි නුවරවලින් සියලු පූජකයන් කැඳවාගෙන, ගෙබා පටන් බෙයෙර්-ෂෙබා දක්වා පූජකයන් විසින් සුවඳ දුම් ඔප්පුකළ උස් තැන් දූෂ්‍යකෙළේය; දොරටු ළඟ තිබුණ උස් තැන්ද නුවර අධිපතියාවූ යෝෂුවාගේ දොරටුව වන නුවර දොරටුවට වම් පැත්තෙහි තිබුණු උස් තැන්ද කඩාදැමුවේය.
Sinhala SNRV (New Revised Version 2018)