2 Peter 2:12 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් මේ මිනිස්සු තමනට නො වැටහෙන දේට අපහාස කරති. මොවුන් සමාන වන්නේ අල්ලා, මරා දමනු ලබන්නට පමණක් උපන් අනුවණ සතුන් වූ වන මෘගයනට ය. ඒ සතුන් මෙන් මොවුහු ද විනාශයටම යනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් අල්ලාගෙන විනාශ කරනු ලැබීමට උපන් නුවණ නැති තිරිසනුන් වැනි මොවුහු, තමන් නොදන්නා දෙයට අපහාස කරති. ඔව්හු වන මෘගයන් මෙන් විනාශ කරනු ලබති.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත්, අල්ලා විනාශකරනු ලබන්ට උපන්, ජම්මයෙන් නුවණ නැත්තාවූ තිරිසනුන් මෙන්, මොව්හු, නොදන්නා දේට අපහාසකරමින්, අධර්මිෂ්ඨකමේ කුලිය ලබමින්, තමුන්ගේම කිලුටුකමෙන් සැබවින් විනාශවන්නෝය;
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් අල්ලාගෙන විනාශ කරනු ලැබීමට උපන් නුවණ නැති තිරිසනුන් වැනි මොවුහු, තමන් නොදන්නා දෙයට අපහාස කරති. ඔව්හු වන මෘගයන් මෙන් විනාශ කරනු ලබති.