2 Peter 3:16 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු තම ලිපි මඟින් මේ කරුණු ගැන පවසද්දී හැම ලිපියකම ලියන්නේ මේ දේම ය. වටහා ගැන්මට අපහසු ඇතැම් දෑ ඔහුගේ ලිපිවල අඩංගු වෙයි. නූගත්, චපල සිතැත්තෝ අනෙක් ශුද්ධ ලියවිලි මෙන්ම මේවා ද තමන්ගේ විනාශයට විකෘති කොට දක්වති.
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, මේ කාරණා ගැන ලියන විට, ඔහු තමාගේ හසුන්වල කියන්නේත් මේ දේ ම ය. ඒවායේ තේරුම්ගැනීමට දුෂ්කර සමහර දේ ඇත. නූගත් අස්ථීර අය ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස්වල මෙන් මේවායේත් අර්ථය නොපිට පෙරළාගනිති. එයින් ඔවුන්ගේ විනාශය සිදු වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
එමෙන්ම සියලු ලියුම්වලත් ඔහු මේ දේවල් ගැන කථාකර තිබේ; එහි තේරුම්ගන්ට අමාරු සමහර දේ තිබේ, නූගත් අස්ථිර තැනැත්තෝ අන් ලියවිලිමෙන් තමුන්ගේම විනාශයට ඒවාත් පෙරළති.
Sinhala SNRV (New Revised Version 2018)