2 Samuel 12:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමෙන් උන් වහන්සේගේ වචනය සුළු කොට සිතුවේ කුමක් නිසා ද? නුඹ හිත්තීය ජාතික උරියා කඩුවෙන් නසා, ඔහුගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත්තෙහි ය. නුඹ අම්මොන්වරුන් ලවා ඔහු කඩුවෙන් මැරෙව්වෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? ඔබ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව ඔබට භාර්යාව කොට ගත්තෙහිය, ඔබ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)