2 Samuel 14:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබේ දාසියට විරුද්ධ ව නැඟිට, ‘සිය සහෝදරයා මැරූ මිනිසා එසේ කළ බැවින් අප ඔහු මරා දමන පිණිස අපට භාර දෙන්න. මෙසේ අපි උරුමකරුවාත් විනාශ කරමු’යි කියති. මෙයාකාරයෙන් මාගේ පුරුෂයාට මිහි පිට නාමයක් වත්, දරුවෙකු වත් නො‍පවතින ලෙස, ඔවුන් මට ඉතිරි ව තිබෙන ගිනි අඟුර නිවනු ඇතැ”යි කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබගේ දාසීට විරුද්ධව නැගිට: තමාගේ සහෝදරයා මැරූ තැනැත්තා ඔහු විසින් මරනලද සහෝදරයාගේ ප්‍රාණය උදෙසා අප විසින් මරන පිණිස අපට දෙන්න, මෙසේ අපි උරුමක්කාරයාත් විනාශ කරන්නෙමුයයි කියති. මේ ආකාරයෙන් මාගේ පුරුෂයාට පොළෝ මතුපිට නාමයක්වත් දරුවෙක්වත් නොපවතින ලෙස ඔවුන් මට ඉතුරුව තිබෙන අඟුර නිවනවා ඇතැයි කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)