2 Samuel 5:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජු ද ඔහුගේ සෙනඟ ද රටේ වැසියන් වූ ජෙබුසිවරුන්ට විරුද්ධ ව ජෙරුසලමට ගියෝ ය. ඔව්හු ද, “දාවිත්ට මෙහි ඇතුළු වන්නට බැරි ය”යි කියමින් දාවිත්ට කතා කොට, “ඔබ මෙහි ඇතුළු නොවන්නෙහි ය. අන්ධයන් හා කොරුන් ඔබ පහකරදමනු ඇතැ”යි කීවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජුද ඔහුගේ මිනිස්සුද රටේ වැසියන්වූ යෙබූසිවරුන්ට විරුද්ධව යෙරුසලමට ගියෝය. ඔව්හුද: දාවිත්ට මෙහි ඇතුල්වෙන්ට බැරියයි කියා දාවිත්ට කථාකොට-ඔබ මෙහි ඇතුල් නොවන්නෙහිය, අන්ධයන් හා කොරුන් ඔබ පහකරදමනවා ඇතැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)