3 John 1:10 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් මා පැමිණියහොත්, අපට එරෙහිව ඔහු නගන නපුරු කතා එළි කරන්නෙමි. ඔහු එයින් ද නො සෑහී සහෝදරයින් පිළිගැනීම ද ප්‍රතික්ෂේප කරයි; එසේ පිළිගන්නට කැමති වූවන් ද වළකමින් ඔවුන් සභාවෙන් නෙරපා හරියි.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් මම ආවොත් ඔහු කරන ක්‍රියා සිහි කර දෙන්නෙමි. ඔහු අපට විරුද්ධ ව දුෂ්ට චෝදනා ඉදිරිපත් කරයි. ඔහු එයිනුත් සෑහීමට නොපැමිණ, අපේ සහෝදරයන් පිළිගැනීමෙන් ද වැළකී සිටියි. එපමණක් නොව, පිළිගන්නට කැමැති අයටත් ඉඩ නොදී ඔවුන් සභාවෙන් නෙරපාදමයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉන්නිසා මම ආවොත් ඔහු අපට විරුද්ධව දුෂ්ට වචන දොඩමින් කරන ක්‍රියාවන් සිහිකරවන්නෙමි. ඔහු එයිනුත් තෘප්තියට නොපැමිණ සහෝදරයන් පිළි නොගෙන, පිළිගන්ට කැමතිවූවන් වලක්වා, සභාවෙන් ඔවුන් පහකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)