Acts 10:24 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පසු දා ඔවුන් කායිසාරියට ළඟා වන විට, ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුව, කොර්නේලියස් තම නෑයින් ද හිත මිතුරන් ද තම නිවසට කැඳවා තිබිණ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඊට පසුදා ඔව්හු කායිසාරියට පැමිණියහ. කොර්නේලියස් තමාගේ නෑයන් ද හිතමිතුරන් ද කැඳවාගෙන ඔවුන් එන තුරු බලා සිටියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඊට පසුවදා ඔව්හු කායිසාරියට පැමිණියෝය. කොර්නේලියස් තමාගේ නෑයන්ද හිතේසි මිත්‍රයන්ද කැඳවාගන ඔවුන්ගේ ඊම බලා සිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඊට පසුදා ඔව්හු කායිසාරියට පැමිණියහ. කොර්නේලියස් තමාගේ නෑයන් ද හිතමිතුරන් ද කැඳවාගෙන ඔවුන් එන තුරු බලා සිටියේ ය.