Acts 12:10 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු පළමු හා දෙවන මුරපොළවල් පසු කොට, නගරයට පිවිසෙන යකඩ දොරටුව වෙත ළඟා වූහ. ඉබේම දොරටුව ඔවුන්ට විවර විණි; ඉන් පිටතට වන් ඔවුන් ගමන් කරමින් එක් වීදියක් පසු කරද්දී, සැණෙක දේව දූතයා ඔහු හැර ගියේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු පළමු වන, දෙ වන මුරකාවල් පසු කොට නුවරට පිවිසීමට ඇති යකඩ දොරටුවට ළඟා වූ හ. එය ඔවුන් සඳහා ඉබේ ම ඇරුණේ ය. ඔවුන් පිටතට ගොස් එක වීදියක් පසු කළ කෙණෙහි ම, දේව දූතයා ඔහු කෙරෙන් වෙන් ව ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් පළමුවෙනි දෙවෙනි මුරපළවල් පසුකොට, නුවරට යන යකඩ දොරටුව ළඟට ගිය කල, ඒක ඔවුන්ට ඉබේම ඇරුණේය. ඔවුන් පිටතට ගොස් එක වීථියක් පසුකළ කෙණෙහිම දේවදූතයා ඔහු කෙරෙන් අහක්ව ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු පළමු වන, දෙ වන මුරකාවල් පසු කොට නුවරට පිවිසීමට ඇති යකඩ දොරටුවට ළඟා වූ හ. එය ඔවුන් සඳහා ඉබේ ම ඇරුණේ ය. ඔවුන් පිටතට ගොස් එක වීදියක් පසු කළ කෙණෙහි ම, දේව දූතයා ඔහු කෙරෙන් වෙන් ව ගියේ ය.