Acts 12:8 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ඔබේ ඇඳුම් හැඳ, පාවහන් ලා ගන්නැ” යි දේව දූතයා පේතෘස්ට කී ය. පේතෘස් ඔහු කී ලෙස කළේ ය. “දැන්, ඔබේ කබාය පොරවාගෙන මා පසුපස එන්නැ” යි දේව දූතයා ඔහුට කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
දේව දූතයා ඔහුට කතා කොට, “ඉඟපටිය බැඳ, පාවහන් දමා ගන්නැ”යි කී ය. ඔහු එසේ කෙළේ ය. “ඔබේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැ”යි දූතයා ඔහුට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දූතයා ඔහුට කථාකොට: ඉඟටිය බැඳ, වහන් දමාගන්නැයි කීවේය. ඔහු එසේ කෙළේය. ඔබේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැයි ඔහුට කීවේය. ඔහු පිටත්ව ඔහු පස්සෙන් ගියේය;
Sinhala SNRV (New Revised Version 2018)
දේව දූතයා ඔහුට කතා කොට, “ඉඟපටිය බැඳ, පාවහන් දමා ගන්නැ”යි කී ය. ඔහු එසේ කෙළේ ය. “ඔබේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැ”යි දූතයා ඔහුට කී ය.