Acts 13:22 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු සාවුල් ඉවත් කළ උන්වහන්සේ, රජකමට දාවිත් පත් කළ සේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්: ‘මගේ හදවතට සරිලන යෙස්සේගේ පුත්‍ර දාවිත් මම සොයා ගතිමි; ඔහු මුළුමනින් මගේ කැමැත්ත කරනු ඇතැ’ යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, ‘ජෙස්සේගේ පුත්‍ර වූ, මට ප්‍රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි’යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ඔහු අහක්කොට, දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙවුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂිදෙමින්: යෙස්සේගේ පුත්‍රවූ, මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)