Acts 16:14 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අපට සවන් දෙමින් සිටියවුන් අතරේ ලිදියා නම් ස්ත්‍රියක් වූවා ය. තියාතිරා වාසී ඕ, දම් පැහැ සළු පිළි ව්‍යාපාරිකාවකි; දෙවියන්වහන්සේට වන්දනා මාන කළ තැනැත්තියකි. පාවුල් දෙසූ පණිවුඩයට අනුකූලතා දැක්වීමට දෙවියන්වහන්සේ ඇගේ හද විවර කළ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
තියාතිරා නුවර විසූ රත්නිල් පිළි විකුණන්නාවූ ලිදියා නම් දේවභක්ති ස්ත්‍රියෙක් අපේ වචන අසාගන සිටියාය. පාවුල් විසින් කියනලද කාරණා සලකන ලෙස ස්වාමීන්වහන්සේ ඇගේ සිත විවරකළසේක.
Sinhala SNRV (New Revised Version 2018)