Acts 17:21 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සියලු ඇතන්ස්වරුන් ද එහි විසූ විදේශීන් ද ඔවුන්ගේ මුළු කාලයම පාහේ ගත කළේ, නවතම මත අදහස් පල කරමින් හා ඒවාට සවන් දෙමින් මිස, අන් හැටියකින් නො වේ.
Sinhala Bile - New Revised Version (NRSV)
සියලු ඇතන්ස් වැසියෝ ද එහි පදිංචි ව සිටි විදේශීහු ද අලුත් මතිමතාන්තර ගැන කතාබහ කරමින් හෝ ඒවාට සවන් දීමෙන් හෝ මිස වෙන අයුරකින් කාලය ගත නොකළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
(මක්නිසාද සියලු අතීනසයෝද එහි පොරොත්තුව සිටියාවූ විදේශීහුද අමුතු කාරණයක් කීමෙන් නොහොත් ඇසීමෙන් මිස වෙන සැටියකින් කාලය ගත නොකළෝය.)
Sinhala SNRV (New Revised Version 2018)
සියලු ඇතන්ස් වැසියෝ ද එහි පදිංචි ව සිටි විදේශීහු ද අලුත් මතිමතාන්තර ගැන කතාබහ කරමින් හෝ ඒවාට සවන් දීමෙන් හෝ මිස වෙන අයුරකින් කාලය ගත නොකළහ.