Acts 18:2 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අකිලා නම් යුදෙව්වෙක් එහිදී ඔහුට මුණ ගැසිණි. පොන්තස් වැසියකු වූ හෙතෙම කලක් ඉතාලියේ විසූවෙකි. සියලු යුදෙව්වන් රෝමයෙන් පිට මං විය යුතු බවට ක්ලෝදියස් නියෝග කර තිබූ බැවින්, ඔහු තම භාර්යාව වූ ප්‍රිස්කිලා සමඟ මෑතකදී කොරින්තිය වෙත පැමිණ සිටියේ ය. පාවුල් ඔවුන් මුණ ගැසෙන්නට ගියේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එහි දී ඔහුට මෑතක දී ඉතාලියට පැමිණි, පන්තස්හි උපන් අකිලා නම් එක්තරා ජුදෙව්වරයෙක් මුණගැසුණේ ය. ක්ලෞදියස් සියලු ජුදෙව්වරුන්ට රෝමයෙන් අහක් ව යන්නට අණ කර තිබුණු බැවින්, ඔහු ප්‍රිස්කිලා නම් සිය බිරිඳ සමඟ කොරින්තියට පැමිණ සිටියේ ය. පාවුලු ඔහු හමු වීමට ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ක්ලෞදියස් සියලු යුදෙව්වරුන්ට රෝමයෙන් අහක්ව යන්ට අණකර තිබුණු බැවින්, ඉතාලියෙන් අලුත ආවාවූ පන්තස්හි උපන් මනුෂ්‍යයෙක්වූ අකිලානම් එක්තරා යුදෙව්වෙක් ප්‍රිස්කිලා නම් ඔහුගේ භාර්යාව සමඟ පාවුල්ට සම්බවී, ඔහු ඔවුන් වෙතට ගොස්,
Sinhala SNRV (New Revised Version 2018)