Acts 18:21 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඔහු ඔවුන්ගෙන් සමු ගනිද්දී, “දෙවියන්වහන්සේ කැමති සේක් නම්, මා නැවත මෙහි එනවා” යි ඔවුන්ට පැවසී ය. මෙසේ ඔහු එපීසය වෙතින් නැව් නැග,
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගෙන් සමුගනිමින්, “දෙවියන් වහන්සේ කැමැති සේක් නම් ඔබ වෙතට නැවත එන්නෙමි” කියා එපීසයෙන් නැව් නැංගේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ට ආචාරකොට: දෙවියන්වහන්සේ කැමතිසේක් නම් ඔබ සැම ළඟට නැවත එන්නෙමියි කියා එපීසයෙන් නැව් නැගුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගෙන් සමුගනිමින්, “දෙවියන් වහන්සේ කැමැති සේක් නම් ඔබ වෙතට නැවත එන්නෙමි” කියා එපීසයෙන් නැව් නැංගේ ය.