Acts 18:5 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සීලස් හා තිමෝති මකිදෝනියේ සිට පැමිණි පසු, යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේම යැයි යුදෙව්වන්ට සාක්ෂි දරමින් වචනය දේශනා කිරීමට පාවුල් මුළුමනින්ම කැප වූයේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් සීලස්ද තිමෝතියස්ද මකිදෝනියෙන් ආ කල, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්මයයි පාවුල් යුදෙව්වරුන්ට සාක්ෂිදෙමින්, වචනය දේශනාකිරීමේ වැඩේම යෙදී සිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)
සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය.