Acts 21:24 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මොවුන් කැටිව ගොස්, ඔවුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙතට සම්බන්ධ වී, එහි වියදම් ඔබම දරන්න. එවිට හිස මුඩු කර ගන්නට ඔවුන්ට හැකියි. ඔබ ගැන වූ ආරංචිවල සත්‍යයක් නැති බවත්, ඔබ දහම් නීති සංග්‍රහයට යටත්ව ජීවත් වන බවත් සැවොම දැන ගනීවි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ද ඔවුන් හා එකතු වී පවිත්‍ර වීමේ පිළිවෙත පවත්වන්න. ඔවුන්ගේ හිස් මුඩු කිරීම සඳහා යන වියහියදම් ඔබ ම දරන්න. එසේ කළ විට ඔබ ගැන ඔවුනට සැළ වූ කාරණාවලින් එකක් වත් සැබෑ නොවන බවත්, ඔබ ව්‍යවස්ථාවලිය අනුව ජීවත් වන බවත් සියල්ලන් ම දැනගනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් රැගෙන ඔබද ඔවුන් සමඟ පවිත්‍රව, ඔවුන්ගේ හිස් මුඩුකරන්ට වියදම දරන්න. එවිට ඔබ ගැන තමුන්ට ආරංචිවූ කාරණාවලින් එකක්වත් සැබෑ නොවන බවත් ඔබම ව්‍යවස්ථාව රක්ෂාකරමින් හැසිරෙන බවත් සියල්ලන්ම දැනගන්නවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)