Acts 23:15 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් පාවුල් ගැන වඩා නිවැරදි විභාගයක් පවත්වන්නට ඕනෑ වග අඟවා, මන්ත්‍රණ සභාව වෙත යළි ඔහු ගෙන එන ලෙස ඉල්ලා, මන්ත්‍රණ සභිකයිනුත්, ඔබත් සෙන්පති වෙත ආයාචනයක් කරන්න. ඔහු මෙතැනට එන්නට පළමු අපි ඔහු මරා දමන්නට සූදානම්” යැයි කීහ.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ඔබ මන්ත්‍රණ සභාව සමඟ, ඔහු පිළිබඳ තතු වඩා හරි ලෙස වගවිභාග කරන්නට යන්නාක් මෙන්, හෙට ඔබ වෙතට ඔහු ගෙනෙන ලෙස සේනාධිපතියාට දන්වා හරින්න. ඔහු මෙතැනට පැමිණෙන්නට පෙර අපි ඔහු මරන්නට සූදානම් කරමු”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින්, ඔබ සැම ඔහුගේ කාරණා ගැන වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ, හෙට ඔබ සැම ළඟට ඔහු ගෙනෙන ලෙස සභාව සමඟ අධිපතියාට දන්වා අරින්න. ඔහු මෙහාට ළංවෙන්ට පළමුවෙන් අපි ඔහු මරන්ට සූදානම්ව සිටිමුයයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)