Acts 23:21 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඒකට ඉඩ දෙන්න එපා. මන්ද හතළිස් දෙනකුට වැඩි යුදෙව් පිරිසක් මඟදී ඔහුට පහර දීමට සැඟවී රැක ඉන්නවා; ඔහු මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ඔවුන් දිවුරා තියෙනවා; ඔවුන්ගේ ඉල්ලීමට ඔබතුමාගේ අනුමැතිය ලැබෙන තුරු ඔවුහු දැන් සියල්ල සූදානමින් බලා ඉන්නවා” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුන මැනවි. මන්ද, ඔවුන්ගෙන් හතළිහකට වැඩි ගණනක් ඔහු මරනතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳී සැඟවී, බලා ගෙන සිටිති. දැන් ඔව්හු සූදානම් ව ඔබ තීරණය දෙන තෙක් බලා සිටිති”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුන මැනවි. මක්නිසාද ඔවුන්ගෙන් හතළිහකට වැඩි දෙනෙක් ඔහු මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවිරිල්ලකින් තමුන්ම බැඳගෙන රැකසිටිති. දැන් ඔව්හු සූදානම්ව ඔබගේ පොරොන්දුව බලාසිටිතියි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)