Acts 25:26 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එසේ වුවත්, මොහු ගැන අප අධිරාජයාණන්ට ලියා යැවීමට තරම් වූ නිශ්චිත යමක් මා ළඟ නැහැ. එබැවින් මෙසේ විභාග කිරීමෙන් පසු, ඔහු ගැන ලියා යැවීමට සුදුසු යමක් මට සපයා ගැනීම සඳහා ඔබ හැම ඉදිරියටත්, විශේෂයෙන්ම අග්‍රිපා රජතුමනි, ඔබ ඉදිරියටත් මොහු පැමිණ වීමි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ගැන අධිරාජයාට ලියා යැවීමට නිසැක කිසිවක් මට නැත. එබැවින් මේ විභාගය කළ පසු ලියා ඇරීමට යම් යම් කරුණු මට ලැබෙන පිණිස ඔබ හැම ඉදිරියට, විශේෂයෙන් අග්‍රිපා රජතුමෙනි, ඔබ ඉදිරියට ද ඔහු ගෙනාවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ගැන මාගේ ස්වාමීන්ට ලියා ඇරීමට යමක් මට ලැබෙන පිණිස ඔබ සැම ඉදිරියටද ප්‍රධානකොට, අග්‍රිපා රජ්ජුරුවනි, ඔබ ඉදිරියටද ඔහු ගෙනාවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ගැන අධිරාජයාට ලියා යැවීමට නිසැක කිසිවක් මට නැත. එබැවින් මේ විභාගය කළ පසු ලියා ඇරීමට යම් යම් කරුණු මට ලැබෙන පිණිස ඔබ හැම ඉදිරියට, විශේෂයෙන් අග්‍රිපා රජතුමෙනි, ඔබ ඉදිරියට ද ඔහු ගෙනාවෙමි.