Acts 25:3 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තමන්ට කරන උපකාරයක් වශයෙන් පාවුල් යෙරුසලමට මාරු කර එවන ලෙස ඔවුහු පෙස්තුස්ගෙන් උදක්ම ඉල්ලූහ. එසේ කළේ, එහි ගෙන එන අතරේ රැක සිට ඔහු මරා දැමීමට ඔවුන් උපා යෙදූ බැවිනි.
Sinhala Bile - New Revised Version (NRSV)
තමන්ට විශේෂ සැලකිලි දැක්වීමක් වශයෙන් පාවුලු ජෙරුසලමට යවන ලෙස ඔව්හු ෆෙස්තුස්ගෙන් ඉල්ලූ හ. එසේ කෙළේ ඔවුන් මාර්ගයේ රැක සිට ඔහු මැරීමට උපායක් යෙදූ බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ට කරුණාවක් වශයෙන් ඔහු යෙරුසලමට යවන ලෙස පෙස්තුස්ගෙන් ඉල්ලුවෝය. එසේ කළේ ඔවුන් මාර්ගයේ රැකසිට ඔහුව මරන පිණිසය.
Sinhala SNRV (New Revised Version 2018)
තමන්ට විශේෂ සැලකිලි දැක්වීමක් වශයෙන් පාවුලු ජෙරුසලමට යවන ලෙස ඔව්හු ෆෙස්තුස්ගෙන් ඉල්ලූ හ. එසේ කෙළේ ඔවුන් මාර්ගයේ රැක සිට ඔහු මැරීමට උපායක් යෙදූ බැවිනි.